PROGRAMMING 1
💯#python_programming1

☸️ඔන්න මම ඔයාලට python programming කියලා දෙන්න හදන්නෙ 

මේක pc එකකින් වගේම andoid device එකෙන් ඉගෙන ගන්නත් පුලුවන් pc එකෙන් කරනවා නම් python software එක download කර ගන්න. 
andoid device එකකින් පුරුදු වෙනවා නම් termux app එකෙන් පුලුවන්. pkg install python/pkg install python2/pkg install python3 ඔය ඕන code එකක් ගහලා කැමති එකක් install කර ගන්න ඊට පස්සෙ python කියලා ගහපුවාම python code කරන්න පුලුවන්.එහෙම නැත්නම් playstro එකෙන් qpython app එක ගන්නත් පුලුවන් 

💪හරි ඉස්සල්ලම බලමු වචන(string) භාවිත කරන විදිහ 
ඔයාලට ඕනි hey now කියන එක print වෙන්න

>>>"hey now"
'hey now'
>>>'hey now'
'hey now'

කමා දෙකක් දැම්මත් කමා එකක් දැම්මත් එන්නෙ එකම දේ 
ඒත් තනි උඩු කමාව දාන එකෙන් වරදක් වෙනවා, i'm kavindu ඔය වගේ වචනෙ මැදින් තනි උඩු කමාව එද්දි 

>>>"i'm kavindu"
"i'm kavindu"

ද්විත්ව උඩු කමාව දාලා ඒක නිවැරදි කර ගන්න පුලුවන් 

මෙහෙම ආවොත් 👉🏼he said that "ok" මාර සීන් එක මොකද කරන්නෙ

මෙන්න මෙහෙමයි

>>>" he said that \"ok\" "
'he said that "ok" '

ප්‍රශ්නයක් නෑ නේද print වෙන්න ඕනි ද්විත්ව උඩු කමාව ඉස්සරහට \ දානවා

_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ 

💪හරි දැන් ගනිත කර්ම ටිකක් බලමු 💪

>>>1+1
2
>>>2-1
1
>>>2*2
4

එකතු කිරීම (+) , අඩු කිරීම (-) , වැඩි කිරීම (*) ලේසී නේද?

කෝ බෙදීම 🤔

මෙන්න බෙදීම 👇

>>>6/3
2
>>>15/4
3

පලවෙනි එක නම් බෙදුනා හරියටම දෙවෙනි එක අවුල් වගේ නේ 

>>>15.0/4
3.75

අන්න හරි ගියා මේකෙදි අපිට ඕන දශම පෙන්නන්න(15./4 , 15/4. ,15/4.0 ,15.0/4.0 , 15./4. ) ඔය ඕනි විදියකින් type කරන්න පුලුවන් 

ගොඩක් කියන්න ගියොත් එපා වෙයි දැනට ඔය ටික පුරුදු වෙන්න ඊලග පෝස්ට් එකෙන් හම්බෙමු 
          

Comments

Post a Comment

Popular posts from this blog